තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව යටතේ පවතින තාක්ෂණික හා වෘත්තීය විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා පත් කර ඇති කැබිනට් අනුකමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන්ගේ ප්‍රවේශය පුළුල් කිරීම සහ එම ආයතනවල යටිතල පහසුකම් ශක්තිමත් කිරීමයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්රය තුළ නව මාවත් විවර කර දීම රජයේ අපේක්ෂාව වී තිබේ.
රැස්වීමේදී අදාළ විද්‍යාල සංවර්ධනය කිරීමේ යෝජිත සැලසුම් සහ ඒ සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම වෘත්තීය පුහුණුව නවීකරණය කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන අනුර කරුණාතිලක, ආචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය උපාලි පන්නිලගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මීට අමතරව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර