බහමාස් රාජ්‍යයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් මගීන් නව දෙනෙකු සහ නියමුවා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ එම රටේ 53 වැනි නිදහස් දින සැමරුම් උත්සව පැවැත්වෙන අතරතුරදීය.
ලින්ඩන් පින්ඩ්ලින් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සැන් ඇන්ඩ්රොස් බලා පියාසර කරමින් තිබූ මෙම සැහැල්ලු ගුවන් යානය ගොඩබැස්වීමට මොහොතකට පෙර තාක්ෂණික දෝෂයකට ලක්ව පඳුරු සහිත ප්‍රදේශයකට කඩා වැටී ඇත. අනතුරින් දිවි ගලවා ගැනීමට උත්සාහ කළ අයෙකු පසුව මියගිය බව අගමැති පිලිප් ඩේවිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, “අද සැමරුම් දිනයක් වුවද එය ශෝක දිනයක් බවට පත්ව තිබෙනවා” යනුවෙනි. අනතුරට ලක්වූවන්ගේ අනන්‍යතාවය හෝ වයස් කාණ්ඩ පිළිබඳව මෙතෙක් නිල තොරතුරු නිකුත් කර නොමැත.
අනතුරට ලක්වූ සෙස්නා (Cessna 402) වර්ගයේ ගුවන් යානය මෙහෙයවා ඇත්තේ ෆ්ලැමින්ගෝ එයාර් (Flamingo Air) ගුවන් සේවය විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක පියවරක් ලෙස අදාළ ගුවන් සමාගමේ මෙහෙයුම් සහතිකය තාවකාලිකව අත්හිටුවීමට බහමාස් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර