අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරතාවලිය – 2026 සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. පාසල් සිසුන්, ගුරුවරුන් සහ ගුරු අභ්‍යාසලාභීන් ඉලක්ක කරගනිමින් මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ.
මෙම තරගාවලිය යටතේ ජාතික පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC), තරුණ පරිගණක විද්‍යාඥ තරගාවලිය (YCS) සහ ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක තරගාවලි කිහිපයක් පැවැත්වේ. සියලුම සහභාගිවන්නන් අනිවාර්යයෙන්ම අදාළ මාර්ගගත (Online) අයදුම්පත් පද්ධතිය හරහා ලියාපදිංචි විය යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේ අවසාන දිනය ලෙස 2026 ජූලි 15 වන දින නම් කර ඇත. ව්‍යාපෘති ඉදිරිපත් කිරීම සඳහා වන අවසාන දිනය 2026 අගෝස්තු 31 වන දින දක්වා පවතී.
පාසල් සිසුන් සඳහා වන අයදුම්පත් විදුහල්පතිවරයාගේ සහතික කිරීමකට යටත් විය යුතු අතර, ඒවායේ ස්කෑන් පිටපත් මාර්ගගත පද්ධතියට උඩුගත කළ යුතුය. තරුණ පරිගණක විද්‍යාඥ තරගාවලියට අයදුම් කරන සිසුන් ව්‍යාපෘති ඉදිරිපත් කිරීම සම්බන්ධ උපදෙස් සඳහා තමන් ලබාදුන් විද්‍යුත් තැපැල් ලිපිනය නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතු බව දන්වා ඇත.
ගුරුවරුන් සහ ගුරු අභ්‍යාසලාභීන් සඳහා වන නිර්මාණාත්මක තරගාවලිවලට අදාළ අයදුම්පත් සහ ව්‍යාපෘති වීඩියෝ දර්ශන ict2026competition@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කළ යුතු වේ. තරගාවලියට අදාළ චක්‍රලේඛ සහ වැඩිදුර මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර