කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා සහ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දඹුල්ල, ඉංගිරිය, වාලච්චේන, මිල්ලනිය සහ කටුනායක යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්ත කලාපවල වත්මන් තත්ත්වය සහ ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේදී පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට අවධාරණය කරන ලදී.
රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, බදු මුදලින් නඩත්තු වන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ වියදම් අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. සීනි සහ ලුණු කර්මාන්ත ආශ්රිත ගැටලු සහ ඒ සඳහා ඉදිරිපත් වූ විකල්ප යෝජනා ද මෙහිදී විමසා බැලුණි.
එමෙන්ම, ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීම පිළිබඳව ද නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කළේය. අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සහන ලබා දීම සහ රටට අනන්‍ය වූ කර්මාන්ත ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර