රුසියාවට අයත් ‘ඩූම්ස් ඩේ’ (Doomsday) ලෙස හැඳින්වෙන විශේෂිත ගුවන් යානයක් ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීමත් සමඟ මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
මෙම යානය TU-214PU වර්ගයට අයත් එකක් වන අතර, එය අර්බුදකාරී අවස්ථාවකදී ගුවනේ සිට හමුදා මෙහෙයුම් සඳහා අණ දීමේ හැකියාවෙන් යුක්තය. ඇමරිකානු ජනාධිපතිවරුන් ගමන් ගන්නා ‘එයාර් ෆෝස් වන්’ යානයට සමාන තාක්ෂණික හැකියාවන් මෙම යානය සතු බව පැවසේ.
පැයට කිලෝමීටර 850ක වේගයකින් පියාසර කළ හැකි මෙම යානයට එක් වරක් ඉන්ධන පිරවීමෙන් කිලෝමීටර 6,500ක දුරක් ගමන් කිරීමේ හැකියාව ඇත. රුසියානු මෙම ගුවන් යානය ටෙහෙරානයට පැමිණීම මැද පෙරදිග දේශපාලන සහ ආරක්ෂක අර්බුදයේ ඉදිරි ගමන් මග කෙරෙහි බලපෑමක් සිදු කරනු ඇතිද යන්න පිළිබඳව මේ වන විට විවිධ මත පළ වෙමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර