සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින පුරප්පාඩු පිරවීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස, සෞඛ්‍ය කළමනාකරණ සහායකයින් 228 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (16) පෙරවරු 10.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය විසින් මෙම බඳවාගැනීම් සිදු කරනු ලබයි.
මීට පෙර, පසුගිය 04 වන දින බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු සඳහා ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලබා දෙන ලදී. එම වැඩසටහනට සමගාමීව ඉදිරි දිනවලදී තවත් පත්වීම් ලබා දීමට නියමිතය.
ඒ අනුව, එළඹෙන ජූලි 18 වන දින සෞඛ්‍ය කාර්ය සහායකයින් 600කට සහ අගෝස්තු 01 වන දින 762කට පත්වීම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. මීට අමතරව, ඉදිරි සති දෙක තුළ ඩෙංගු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළු සේවා පාලකයින් 121 දෙනෙකු බඳවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර