ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය නාමයක් සනිටුහන් කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මියයන විට 89 වන වියේ පසු විය.
1954 සිට 1974 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ඔහු ලකුණු 8,032ක් සහ කඩුලු 235ක් දවා ගැනීමට සමත් විය. 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 365ක ඉනිම ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. එය වසර 36ක් පුරා ලෝක ටෙස්ට් වාර්තාවක් ලෙස පැවතුණි.
වමත් පිතිකරුවෙකු ලෙස මෙන්ම වේග සහ දඟ පන්දු යවන්නෙකු ලෙස ද ඔහු එකලෙස දස්කම් දැක්වීය. පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා වීමේ ගෞරවය ද ඔහු සතුය.
ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු දැක්වූ අසමසම දායකත්වය වෙනුවෙන් 1975 වසරේදී ඔහු නයිට් පදවියෙන් පිදුම් ලැබීය. එසේම විස්ඩන් සඟරාව මගින් 20 වන සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට ද ඔහු නම් කර තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර