අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (17) මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
නිවසක් ඉදිකිරීම සඳහා අදාළ ඉඩමේ ගෙපළක් කැපීමේ කටයුතුවල නිරතව සිටියදී මෙම පස් කන්ද කඩාවැටී ඇත. එහිදී පස් කන්දට යටවූ පුද්ගලයා වහාම මුදාගෙන අකුරණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය මේ වන විට මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර