ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) විසින් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ‘වෙනස්වන ලෝකයක අදාළත්වය රැකගැනීම’ යන තේමාව යටතේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා ඉන්දීය මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන ස්මිතා ප්‍රකාශ්, මාර්යා ශකිල් සහ අශෝක් මලික් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
නව මාධ්‍යයේ වේගවත් ව්‍යාප්තිය සහ එහි ආක්රමණකාරී හැසිරීම හමුවේ සාම්ප්‍රදායික මාධ්‍ය මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්විය. තොරතුරු වාර්තා කිරීමේදී හදිසියට වඩා එහි නිවැරදිභාවය තහවුරු කර ගැනීමේ වගකීම මාධ්‍ය සතු බව සම්මන්ත්‍රණයේදී අවධාරණය කෙරිණි.
විශේෂයෙන්ම 2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස්කම්වලදී මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය අසත්‍ය තොරතුරු සාම්ප්‍රදායික මාධ්‍යයට එල්ල කළ අභියෝග පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය විය. දේශපාලන හා භූ-දේශපාලනික න්‍යාය පත්‍ර වෙනුවෙන් මාධ්‍ය භාවිත වන ආකාරය පිළිබඳව ද මෙහිදී විචාරාත්මකව සාකච්ඡා කෙරිණි.
තාක්ෂණික දියුණුවත් සමඟ ජනතාව හුදු ප්‍රේක්ෂකයන් පමණක් නොව, තොරතුරු නිර්මාණයට දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බවත්, එමගින් මාධ්‍යයේ වගකීම තවදුරටත් තීව්ර වී ඇති බවත් පැනල් සාකච්ඡා අතරතුරදී පෙන්වා දෙන ලදී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර