පසුගියදා ඇතිවූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ස්ථාපිත කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
ආපදාවෙන් සිදුවූ වගා හානි ඇතුළු සියලු වන්දි ගෙවීම් කටයුතු දෙසැම්බර් 25 වන දිනට පෙර නිම කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය. වන්දි මුදල් ලබා දීමේදී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබා, සුදුසුකම් ලත් පිරිසටම එම ප්රතිලාභ හිමිවන බව තහවුරු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 627ක් පූර්ණ වශයෙන්ද, නිවාස 20,813ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව තිබේ. පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වටිනාකමින් යුත් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, නැවත පදිංචි කිරීමේදී රජයේ ඉඩම්වලට ප්‍රමුඛතාව ලබා දීමටත් තීරණය කර ඇත.
කෘෂිකර්ම, ධීවර සහ සත්ව පාලන ක්ෂේත්රයන්හි නියුතු ජනතාවගේ ජීවනෝපාය යළි පණ ගැන්වීම සඳහා අවශ්‍ය සහන ලබා දීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම හානියට පත් ධීවර බෝට්ටු අලුත්වැඩියාව සහ ඉස්සන් ගොවිපොළ සඳහා සහන ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේදී රටේ ආර්ථිකයට ලැබෙන ප්රතිලාභ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ලෙසත්, අතහැර දමා ඇති ඉදිකිරීම් වෙනුවට ප්‍රයෝජනවත් ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර