ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල සිට නඩු තීන්දු ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙවැනි ක්‍රියාවන් මගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට රජය උත්සාහ දරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, විධායක ජනාධිපති ධුරය දරන අයෙකු මැයි දින වේදිකාවක සිට මෙවැනි ප්‍රකාශ සිදු කිරීම රටේ දේශපාලන සංස්කෘතියේ පහත් තත්ත්වයක් පෙන්නුම් කරන බව පැවසීය. “ජේවීපී වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක මායාවක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ විය. එවැනි පියවරක් ගනු ලබන්නේ බලහත්කාරයෙන් ලබාගත් කටඋත්තරයක් මත පදනම්ව බවත්, නීතිය හා අධිකරණ පද්ධතිය කෙරෙහි තවමත් විශ්වාසයක් පවතින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එමෙන්ම, පොලිසිය දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, මරණ පරීක්ෂණ වාර්තා ලැබීමටත් පෙර පොලිසිය විසින් ඇතැම් සිදුවීම් සියදිවි හානි කරගැනීම් ලෙස ප්‍රකාශ කිරීම සැකසහිත බව ද පෙන්වා දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර