ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) දිරිමත් කිරීමේ අරමුණින්, එක්සත් රාජධානියේ වෙළෙඳපොළට පිවිසීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සහිත නව අපනයන අත්පොත් ද්විත්වයක් එළිදක්වා තිබේ. SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්වය.
මෙම අත්පොත් සිංහල සහ දෙමළ භාෂාවලින් සකස් කර ඇති අතර, එමගින් ව්‍යවසායකයන්ට එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැකිය. මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 92%කට පමණ තීරුබදු රහිතව එක්සත් රාජධානියට අපනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.
විශේෂයෙන්ම ඇඟලුම්, රෙදිපිළි, සකස් කළ කෘෂිකාර්මික ආහාර සහ කුළුබඩු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කාන්තා ව්‍යවසායිකාවන්ගේ තරගකාරිත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම ‘SheTrades Commonwealth+’ වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෙළෙඳ නියෝජිත ලෝඩ් හැන්ට්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. දේශීය භාෂාවලින් මෙම තොරතුරු ලබා දීම මගින් දිවයින පුරා සිටින ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළෙඳ අවස්ථා වඩාත් පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකි වනු ඇති බව ලෝඩ් හැන්ට් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර