බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ පිහිටි තල්දෙන මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇත. පසුගිය කාලයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානියට ලක්වූ මෙම වාරි පද්ධතිය, තාවකාලික පිළියම් මගින් යථා තත්ත්වයට පත් කර තිබුණද, මේ වන විට දිගුකාලීන විසඳුමක් ලෙස ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 1,227ක මුදලක් වෙන් කර ඇති බව බලධාරීන් පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් අඛණ්ඩව ලබාදීමට අපේක්ෂා කෙරේ.
ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර ඉහළ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි. ව්‍යාපෘතිය අවසන් වූ පසු අක්කර 350ක පමණ භූමි ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇත.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව එක්ව සිටියහ. ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමත් සමඟ කලාපයේ ගොවිතැන් කටයුතු සඳහා නව බලාපොරොත්තුවක් ඇතිවනු ඇතැයි ගොවීහු විශ්වාසය පළ කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර