විවාහයක් කර ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකගේ නිවසට ගිය තරුණයන් දෙදෙනෙකුට අපේක්ෂා කළ දේ ඉටු කර ගැනීමට නොහැකිව ආපසු පැමිණීමට සිදුවූ පුවතක් මොරවක් කෝරළයේ ප්‍රදේශයකින් වාර්තා වේ.
තම මිතුරාගේ සහාය ඇතිව විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණයා, ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණියකගේ තොරතුරු ඔස්සේ ඇයගේ නිවස සොයා ගොස් තිබුණි. ඉතා ආකර්ෂණීය ලෙස සමාජ මාධ්‍යයේ පෙනී සිටි එම තරුණිය පිළිබඳව දැඩි බලාපොරොත්තුවෙන් ඔවුන් එම ගමන ආරම්භ කර තිබුණි.
කෙසේ වෙතත්, ඔවුන් සොයා ගිය නිවසට ගොඩ වැදුණු පසු දැක ගැනීමට ලැබුණේ සම්පූර්ණයෙන්ම වෙනස්ම තත්ත්වයකි. එහි සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු පවසා ඇත්තේ, එම තරුණිය මීට වසරකට පෙර වෙනත් අයෙකු සමඟ විවාහ වී මේ වන විට දරුවෙකුද සිටින බවයි.
අදාළ දැන්වීම වසර දෙකකට පමණ පෙර පළ කළ එකක් බවත්, තරුණිය මේ වන විට නිවසේ නොමැති බවත් දැනගත් මිතුරන් දෙදෙනා දැඩි අපහසුතාවයට පත්විය. තවත් අයෙකු මෙවැනි අසත්‍ය තොරතුරු හමුවේ නොරැවටෙන ලෙස පවසමින්, අදාළ ෆේස්බුක් සටහන මකා දමන ලෙස ඉල්ලීමක් කර ඔවුන් ආපසු පැමිණ තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු පිළිබඳව විමසිලිමත් විය යුතු බවට මෙම සිදුවීම කදිම නිදසුනක් බව ප්‍රදේශවාසීන් පවසති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර