ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම විසින් කොළඹ 09, බේස්ලයින් පාරට මුහුණලා ඉදිකරනු ලබන ‘The Prime Colombo’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ පූර්ව දියත් කිරීම (Pre-launch) පසුගියදා සිදු කෙරිණි. ‘Smarter way to own Colombo’ යන සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, නාගරික ජීවන රටාවට අවශ්‍ය සියලු පහසුකම් සහිතව සැලසුම් කර ඇත.
මහල් තිස් නවයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල, කොළඹ 07 සහ 08 වැනි ප්‍රධාන වාණිජ කලාපවලට ඉතා සමීපව පිහිටා තිබීම විශේෂත්වයකි. ආනන්ද, නාලන්ද, වෙස්ලි සහ සහිරා වැනි ප්‍රධාන පෙළේ පාසල්වලට මෙන්ම කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා රෝහල සහ ආසිරි සෙන්ට්‍රල් රෝහල වැනි රෝහල්වලට ද ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි මෙය පිහිටුවා ඇත.
මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ ලංකාවේ වැඩිම උසකින් පිහිටි බාහිර ව්‍යායාම මධ්‍යස්ථානය (Outdoor gym) සහ පිකල්බෝල් (pickleball) ක්‍රීඩා පරිශ්‍රය මෙහි අන්තර්ගත වීමයි. නාගරික පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වය සහ සුඛෝපභෝගී බව ආරක්ෂා වන පරිදි මෙම නිවාස සංකීර්ණය නිර්මාණය කර ඇත.
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පී.එල්.සී. සමාගම සිය සෑම ව්‍යාපෘතියකම ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය ඉහළින්ම පවත්වා ගැනීමට කටයුතු කරන අතර, ‘The Prime Colombo’ ව්‍යාපෘතියද එම ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර