ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඩී.ජී.එන්.එන්. දොඩන්තැන්න (S/248096) රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය ජුනි 27 වන දින පොළොන්නරුවේදී පැවති මහජන දින වැඩසටහනකදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා වෙත එම පවුලේ සාමාජිකයන් විසින් සිය නිවාස ගැටලුව ඉදිරිපත් කරන ලදී.
එම ඉල්ලීම කෙරෙහි වහාම අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍යවරයා, අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ එම පවුලට ස්ථිර නිවාස විසඳුමක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව, යුද හමුදා සේවා වනිතා ඒකකය හරහා රුපියල් මිලියන 1.5ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත. අදාළ රණවිරුවාට අයත් ඉඩමක ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම නිවස ඉදිකිරීමට නියමිතය.
රට වෙනුවෙන් කැපවූ රණවිරුවෙකුගේ පවුලට ස්ථිර නිවහනක් ලබා දීම තුළින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර