ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ගුවන් සේවා මෙහෙයුම් සහ ආරක්ෂක තත්ත්වයන් සමාලෝචනය කිරීමේ විශේෂ හමුවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී දේශීය ගුවන් සේවා ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලවල්වල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ගුවන් සේවා මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ආරක්ෂක නිෂ්කාශන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ ගුවන් කලාප කළමනාකරණය වැනි කරුණු කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන අයුරින් ගුවන් සේවා කටයුතු ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
කොළඹ වරාය නගරය තුළ හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකමක් ස්ථාපනය කිරීමේ යෝජනාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. ව්‍යාපාරික කටයුතු, සංචාරක ව්‍යාපාරය සහ හදිසි ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙම පහසුකම ඉවහල් වනු ඇති බව හඳුනාගෙන ඇත. මෙම යෝජනාව සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර තවදුරටත් ඇගයීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
වසර විස්සකට අධික කාලයක් පැවති දේශීය ගුවන් සේවා ක්ෂේත්රයේ ගැටලු රැසක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත විසඳා ගැනීමට හැකි වූ බව ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය මෙහිදී අගය කළේය. ඔවුන් පෙන්වා දුන්නේ පවතින ගැටලුවලින් සියයට 90ක් පමණ මේ වන විට සාර්ථකව විසඳා ඇති බවයි.
මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගුවන් යානා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර