‘ගොඩ්සිලා vs කොං’ සහ ‘ගොඩ්සිලා x කොං: ද නිව් එම්පයර්’ චිත්‍රපටවල ‘ජියා’ නම් චරිතය නිරූපණය කරමින් ලොව පුරා රසික ආකර්ෂණය දිනාගත් තරුණ නිළි කේලී හොට්ල් මියගොස් තිබේ. ඇය මියයන විට 18 හැවිරිදි වියේ පසුවිය.
ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ඉජෑම්ස්විල් ප්‍රදේශයේදී ඇය ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්ව ඇති බව ෆ්රෙඩ්රික් කවුන්ටි ෂෙරිෆ් කාර්යාලය තහවුරු කරයි. අඟහරුවාදා අලුයම සිදුවූ මෙම අනතුර අධික වේගය හේතුවෙන් සිදුවන්නට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ රථය පැදවූ 19 හැවිරිදි තරුණයා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තවත් මගියෙකු එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබාගෙන තිබේ. කේලීගේ පියා වන ජෝෂුවා හොට්ල් විසින් ඇමරිකානු සංඥා භාෂාව (ASL) භාවිතයෙන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඇගේ අභාවය තහවුරු කර ඇත.
කේලී අධ්‍යාපනය ලැබූ බිහිරි දරුවන් සඳහා වූ ටෙක්සාස් පාසල ඇගේ අභාවය පිළිබඳ දැඩි ශෝකය පළ කර තිබේ. එමෙන්ම, ඇය රඟපෑ චිත්‍රපට නිෂ්පාදනය කළ Warner Bros. චිත්රාගාරයද සමාජ මාධ්‍ය හරහා ඇයට උපහාර පුද කරමින් ශෝක පණිවිඩයක් නිකුත් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර