දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුසංඛ මහතාට විදේශගතව සැඟවී සිටින බව පැවසෙන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් නමැත්තා විසින් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. දේවාලයේ වාර්ෂික පෙරහැරේ නර්තන කණ්ඩායම් සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මෙම තර්ජන සිදුකර ඇති අතර, ඒ පිළිබඳ හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට උපදෙස් ලබා දී තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිල වශයෙන් පැමිණිල්ලක් තවමත් ලැබී නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
අදාළ හඬපටයේ සඳහන් වන පරිදි, පසුගිය වසරේ පෙරහැරට සහභාගී වූ සියලුම නර්තන කණ්ඩායම් මෙවරත් සහභාගී කර නොගන්නේ නම් බස්නායක නිලමේවරයාගේ ජීවිතයට හානි කරන බවට තර්ජනය කර ඇත. මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුන්වන ‘දෙහිබාලේ මල්ලි’ නමැත්තා ද සමාජ මාධ්‍ය ඔස්සේ හඬපටයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ.
පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දේවාලයේ සහ පෙරහැරේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර