ආනයන හා අපනයන ක්ෂේත්රයේ සිදුවන මූල්‍ය වංචාවන් අපරාධමය වරදක් ලෙස නම් කර, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රජය කටයුතු සූදානම් කරමින් සිටී. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.
වත්මන් විදේශ විනිමය පනතේ පවතින හිඩැස් හේතුවෙන් මෙවැනි වංචා බොහෝ විට සිවිල් වැරදි ලෙස පමණක් වර්ගීකරණය වී තිබීම ගැටලුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට පවතින ක්‍රමවේදය අනුව මහ බැංකුව මගින් දඩ මුදල් අය කිරීමක් පමණක් සිදුවන අතර, එය මහා පරිමාණ වංචාකරුවන්ට බාධාවක් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අදාළ නීති විරෝධී ක්‍රියා අපරාධමය වරදක් ලෙස නිර්වචනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සිදුකළ විමර්ශනවලින් මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් මේ වන විටත් අනාවරණය වී ඇත.
ආනයනකරුවන්ට ලබා දී ඇති අත්තිකාරම් ගෙවීමේ සහන කාලය අවභාවිත කරමින්, විදේශයන්ට මුදල් යවා භාණ්ඩ ආනයනය නොකිරීමේ සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. මෙය වැළැක්වීම සඳහා මහ බැංකුව, රේගුව සහ බැංකු පද්ධති ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත.
එමෙන්ම, බැංකු ගනුදෙනු සඳහා රේගු ලියාපදිංචිය අනිවාර්ය කිරීමටත්, ව්‍යාජ රේගු සංකේත භාවිත කරමින් ලෝහ වර්ග ඇතුළු භාණ්ඩ නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමේ ජාවාරම් මැඩලීමටත් නව නීති රෙගුලාසි හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර