දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු විජයගේ රංගනයෙන් හැඩවෙන ‘ජන නායකන්’ (Jana Nayagan) චිත්‍රපටයෙන් තම රංගන දර්ශනයක් ඉවත් කිරීම හේතුවෙන් නිළි ආනන්දි අජේ දැඩි කම්පනයට පත්ව සිටී. ඇය මේ සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා හැඟීම්බර වීඩියෝවක් නිකුත් කරමින් සිය අකමැත්ත සහ කනගාටුව පළ කර ඇත.
වසරක පමණ කාලයක් මෙම චිත්‍රපටය වෙනුවෙන් තමන් දැඩි කැපවීමකින් කටයුතු කළ බව ඇය පවසයි. විජය සමඟ රංගනයට එක්වීමට ලැබීම තමන් ලද විශාල භාග්‍යයක් ලෙස සැලකූ බවත්, ඔහුගේ රංගන ජීවිතයේ අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන මෙම නිර්මාණයෙන් සිය දර්ශනය ඉවත් කිරීම තමන්ට දරාගත නොහැකි වූ බවත් ඇය සඳහන් කරයි.
ආනන්දි අජේගේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඇයට ශක්තිමත්ව සිටින ලෙස පවසමින් සහ ඉදිරි කලා කටයුතු සඳහා සුබ පතමින් රසිකයන් රැසක් ඇය දිරිමත් කර ඇත.
රූපවාහිනී වැඩසටහන් සහ නර්තන රියැලිටි වැඩසටහන් හරහා කලාවට පිවිසි ආනන්දි අජේ, දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි. ඇය රංගනයෙන් දායක වූ ‘Karthigai Pengal’ සහ ‘Yamuna’ වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඇය සමත් වූවාය.
එච්. විනෝත්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘ජන නායකන්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 500ක පමණ දැවැන්ත වියදමකින් නිෂ්පාදනය කර තිබේ. විජයගේ අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන මෙම නිර්මාණයට පූජා හෙග්ඩේ, බොබී ඩියෝල් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර