ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය – 2026 උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා වන සංවිධාන කටයුතු සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයෝ එක්ව සිටියහ.
පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා රජයේ මැදිහත්වීම සහ සහාය ලබා දීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සහ ප්‍රවාහන සේවාවන් ක්‍රමවත්ව සැපයීම පිළිබඳව අවධානය යොමු විය. මීට අමතරව, පෙරහර සඳහා අලි ඇතුන් ලබා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
මෙම ආගමික සහ සංස්කෘතික මංගල්‍යය සාර්ථක කර ගැනීමට රජය ලබා දෙන උපරිම සහාය සහ මැදිහත්වීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. මල්වතු මහා විහාරයීය මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය දක්වන මෙම මැදිහත්වීම කෙරෙහි මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ ආශිර්වාදය හිමි වන බවයි.
මෙවර කුඹල් පෙරහර අගෝස්තු මස 18 වැනි දින සිට 22 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. රන්දෝලි පෙරහර අගෝස්තු 23 වැනි දින ආරම්භ වන අතර, අගෝස්තු 27 වැනි දින අවසන් මහා රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරේ. අගෝස්තු 28 වැනි දින අලුයම දිය කැපීමේ චාරිත්‍රය සහ එදින දහවල් පැවැත්වෙන පෙරහරින් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර