රුසියානු හමුදා විසින් දියත් කර ඇති දැවැන්ත මෙහෙයුම් හේතුවෙන් යුක්රේන යුද්ධය මේ වන විට තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කළු මුහුදේ පූර්ණ බලය තහවුරු කරගෙන සිටින රුසියානු හමුදා, ගොඩබිම් මෙහෙයුම් හරහා සුමි, කාර්කිව් සහ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් යන ප්‍රදේශ වෙත වේගයෙන් ඇතුළු වෙමින් සිටී.
රුසියාව මේ වන විට හමුදා කඳවුරු පමණක් නොව, විදුලි බලාගාර සහ ඉන්ධන පිරවුම්හල් වැනි සිවිල් යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. මෙම අඛණ්ඩ ප්‍රහාර හමුවේ යුක්රේනයේ විදුලි පද්ධතිය දැඩි බිඳවැටීමකට ලක්ව ඇති අතර, එළඹෙන ශීත ඍතුවේදී මිලියන සංඛ්‍යාත ජනතාවක් උණුසුම් පහසුකම් නොමැතිව අසීරුතාවයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
යුද පෙරමුණේ සිදුවන පසුබෑම හමුවේ යුක්රේන රජය තුළ දැඩි අස්ථාවරත්වයක් හටගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ආරක්ෂක අමාත්‍යවරයා, හමුදාපතිවරයා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා යන තිදෙනාම එකවර ධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර, යුක්රේනය සතු මිසයිල නාශක පද්ධති අවසන් වෙමින් පවතින බවත්, බටහිර රටවලින් නවීන ආරක්ෂක උපකරණ ලැබෙන තෙක් රුසියාව සිය ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරන බවත් දේශපාලන විචාරකයෝ පවසති. ඕනෑම ආකාරයක තාවකාලික සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරන රුසියාව, ස්ථිර සාමයක් සඳහා විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම සහ ඈඳාගත් ප්‍රදේශ නිල වශයෙන් පිළිගැනීම ඇතුළු දැඩි කොන්දේසි පනවා තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර