කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනයට ලක්වූ චීන ජාතිකයා චීනයේ ප්‍රධාන පෙළේ මාෆියා කල්ලියක සාමාජිකයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත. ඔහු අන්තර්ජාලය හරහා සිදුකරන ලද විවිධ අපරාධ ජාලයන් මෙහෙයවන්නෙකු බවද හෙළිවී තිබේ.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ තවත් චීන මාෆියා කල්ලියක් විසින් බවත්, ඝාතනයට ලක්වූ පුද්ගලයා සතු ජංගම දුරකථනයක ඇති රහස් සහ මුදල් ලබාගැනීම එහි ප්‍රධාන අරමුණ වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය. සැකකරුවන් විසින් මෘත දේහය ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයාගැනීමට හැකිවිය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු රටින් පලායාමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් සතුව විවිධ රටවලට අයත් ව්‍යාජ ගමන් බලපත්‍ර තිබී ඇත.
වරාය පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුවන්ගේ ඡායාරූප කලින් ලබාගෙන තිබීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශාල පිටුවහලක් විය. සැකකරුවන් පවසා ඇත්තේ ජංගම දුරකථනය සොයාගැනීමට නොහැකි වූ තැන ඔවුන් මෙම ඝාතනය සිදුකළ බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් රටින් පලායාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර