කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ පිහිටි අම්පිටිය දේවාල භූමියේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. ඇය වන්දනා කටයුත්තක් සඳහා දේවාලයට පැමිණ සිටියදී මෙම අනතුර සිදුව ඇත.
දේවාල භූමියේ තිබූ විශාල මී ගසක අත්තක් හදිසියේ කඩා වැටී ඇයගේ සිරුර මත පතිත වීමෙන් ඇය බරපතළ තුවාල ලබා තිබේ. අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ඇයව වහාම බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය බලපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කරන්දෙණිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර