හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. ඔහු අද පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් තිදෙනෙකුට ද අද ඇප හිමි විය. හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ හැන්නදිගේ යන අය මෙලෙස ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ ‘හරක් කටා’ ලෙස හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරු සමඟ සම්බන්ධ වූ අල්ලස් වංචාවකට අදාළවය. මීට පෙර අධිකරණය විසින් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබූ අතර, අද දිනයේදී කරුණු සලකා බැලීමෙන් පසු ඔවුන් ඇප මත මුදාහැරීමට තීරණය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර