ජනාධිපති ලේකම් කාර්යාලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව සංවිධානය කරන ජාතික මෙහෙයුමට සමගාමීව, ‘සුපිළිපන් සතිය’ සමාරම්භක වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේ, දූෂණයෙන් තොර ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ගොඩනැගීම රජයේ මූලික අපේක්ෂාව බවයි. රාජ්‍ය සේවකයින් සඳහා සුදුසු වැටුප් ව්‍යුහයක් සහ යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බවද ඇය පැවසුවාය.
රාජ්‍ය සේවයේ පරමාදර්ශ දහය අතුරින් ‘නිහතමානීකම’ වඩාත් වැදගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය, උස් පහත් භේදයකින් තොරව පොදු ජනතාව වෙනුවෙන් කැපවී රාජකාරි ඉටු කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
මෙම ‘සුපිළිපන් සතිය’ තුළ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර