හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ වරුණහේන්ද්ර යන මහත්වරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂයක බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. මීට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවදුරටත් නියෝග නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කර, ඔහු රඳවා සිටින ස්ථානය වෙනස් කර දෙන බව පවසමින් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පසුගිය ජූනි මස 25 වන දින මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දින ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණය තීරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර