ශ්‍රී ලංකාව පුරා හදිසි රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය කිරීමේ අමිල සේවාවක නිරත වන 1990 සුවසැරිය පදනම සිය දස වසරක සපිරීම නිමිත්තෙන් විශේෂ සමාජ සත්කාර වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහනට සමගාමීව පදනමේ ප්‍රථම මහා ලේ දන් දීමේ කඳවුර පසුගියදා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි සුවසැරිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. “ජීවිත බේරාගන්නා සේවයකින් තවත් ජීවිත රැකගැනීමට” යන තේමාව පෙරදැරි කරගනිමින් මෙම කඳවුර ක්‍රියාත්මක විය.
පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැවති මෙම වැඩසටහන සඳහා සුවසැරිය කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. සියයකට අධික පිරිසක් ලේ දන් දීම සිදුකළ අතර, එමගින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය රුධිර සැපයුම ශක්තිමත් කිරීමට හැකි විය.
මෙම අවස්ථාව සඳහා 1990 සුවසැරිය පදනමේ සභාපති විශ්‍රාමික මේජර් නිරෝෂන් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර ඇති 1990 සුවසැරිය පදනම, රෝගීන් සඳහා නොමිලේ හදිසි ගිලන් රථ සේවාව සපයන ප්‍රධාන ආයතනයකි. ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඇරඹි මෙම සේවාව, මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර