පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව අමෙරිකාව ප්‍රහාර ආරම්භ කිරීමෙන් අනතුරුව, මේ දක්වා අමෙරිකානු යුධ හමුදා සාමාජිකයින් 624 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මෙම තුවාල ලැබූවන් අතරින් 417 දෙනෙකු ‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුමට සම්බන්ධ වූවන් වන අතර, ඉතිරි 207 දෙනා විදේශීය මෙහෙයුම්වල නිරතව සිටියදී අනතුරට ලක්වූවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර අප්‍රේල් මාසයේදී යුධ විරාමයකට එකඟතාවක් ඇති කරගෙන ජූනි මාසයේදී ගිවිසුමකට අත්සන් තැබුවද, දෙපාර්ශ්වයම අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ගැනීම නතර කර නොමැත. ජූලි මස මැද භාගයේදී ජෝර්දානය සහ ඉරාකයේ පිහිටි කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සොල්දාදුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් විසින් සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කළේය.
මේ අතර, තුවාල ලැබූවන් සහ මියගිය අය පිළිබඳ දත්ත පෙන්ටගනය විසින් පසුකාලීනව සංශෝධනය කිරීම විවේචනයට ලක්ව තිබේ. හිටපු ජෙනරාල්වරුන් සහ කොන්ග්රස් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ වත්මන් පරිපාලනය මෙම යුධ ගැටුම් සම්බන්ධයෙන් මහජනතාවට සත්‍ය තොරතුරු වසන් කරන බවයි.
කෙසේ වෙතත්, පෙන්ටගන ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ දත්තවල සිදුව ඇති වෙනස්කම් හුදෙක් තාවකාලික තාක්ෂණික දෝෂයන් බවත්, ඒවා නිරාකරණය කරමින් පවතින බවත්ය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර