දිවයිනේ මගී ප්‍රවාහන පද්ධතිය වඩාත් විධිමත් සහ ඒකාබද්ධ සේවාවක් බවට පත් කිරීමේ අරමුණින්, බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන (Multimodal Transport Hubs) කළමනාකරණය සඳහා සියයට සියයක් රජයට අයත් නව සමාගමක් පිහිටුවීමට තීරණය කර ඇත.
බස් රථ, දුම්රිය සහ කුලී රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. දැනට ක්‍රියාත්මක මාලඹේ සහ කඩවත ප්‍රවාහන මධ්‍යස්ථානවලට අමතරව, අනුරාධපුර (දකුණ) සහ මහනුවර ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
මෙම මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු, ප්රමිතීන් පවත්වාගෙන යාම සහ වාණිජමය සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථාවර ආයතනික ව්‍යුහයක අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව මෙම සමාගම ස්ථාපිත කිරීමට නියමිතය.
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ භාණ්ඩාගාරයට අයත් සමාගමක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, මූල්‍ය අමාත්‍යාංශයේ ද උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර