ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ අනාගත මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.
මෙම රැස්වීමේදී 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘ප්‍රජාශක්ති’ වැඩසටහන ඇතුළු ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ අතර, ගාල්ල නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන 16ක් මහමෝදර ප්‍රදේශයට ස්ථානගත කිරීමේ යෝජනාව සහ මහමෝදර බන්ධනාගාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ නැවත සමාලෝචනය කිරීමට මෙහිදී පියවර ගැනිණි.
දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටලුවට විසඳුම් සෙවීම සහ මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පුනරාවර්තන වියදම් අවම කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීම හරහා රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම රජයේ අරමුණ බව පෙන්වා දුන්නේය. ඉදිරි වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත්, එය 2024 වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.
ජනතා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් භාණ්ඩාගාරයේ සෑම රුපියලක්ම කාර්යක්ෂමව යෙදවීම රජයේ අපේක්ෂාව බවත්, කිසිදු දීමනාවක් කප්පාදු කිරීමක් සිදු නොවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. දූෂණයෙන් තොර, නීතියේ ආධිපත්‍ය සුරැකෙන ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද ඔහු සිහිපත් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර