ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජූලි මස 26 වන දින දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,313,974ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය ජූලි මස පළමු වන දින සිට 26 වන දින දක්වා වූ කෙටි කාල පරාසය තුළ පමණක් 167,401 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ජූලි මාසයේ පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වීම විශේෂත්වයකි. එම කාලසීමාව තුළ ඉන්දීය සංචාරකයන් 38,785 දෙනෙකු මෙරට සංචාරය සඳහා පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට යම් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින අතර, ඉදිරි මාස කිහිපය තුළදී ද මෙම සංචාරක පැමිණීමේ වර්ධනය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර