ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ පුපුරණ ද්‍රව්‍ය ක්ෂේත්රයේ නිරත ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබා දීම සහ නියාමන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමයි.
පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, අඛණ්ඩ සැපයුම් ජාලයක් පවත්වාගෙන යාම සහ කල් ඉකුත් වූ පුපුරණ ද්‍රව්‍ය කළමනාකරණය වැනි කරුණු රැසක් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම පුපුරණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු විය.
බලපත්‍රලාභීන් විසින් ඉදිරිපත් කළ ගැටලු ඉතා ඕනෑකමින් සවන් දුන් ආරක්ෂක ලේකම්වරයා, අදාළ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන), රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර