විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව අදූරදර්ශී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. කොළඹදී පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී මෙම යෝජනාවට එරෙහිව නීතිඥවරුන් ඒකමතිකව සිය විරෝධය පළ කර තිබේ.
මෙම තීරණය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල කරන ප්‍රහාරයක් බවත්, රජයට තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් අධිකරණ ක්ෂේත්රයට අත තැබීමට අයිතියක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, රජය මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බවයි. දේශපාලන මතවාද පසෙකලා නීතිඥ ප්‍රජාව මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බවත්, අධිකරණ පද්ධතියේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදී ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බවත්, කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් නීතිඥ සංගමය පවසයි. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර