කසකස්ථාන නියෝජිත පිරිසක් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් පසුගියදා අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කලාපීය රාජ්‍ය සමුළුව පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
රටවල් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී, දේශසීමා හරහා ගලා යන ගංගා ජලය සාධාරණ ලෙස බෙදා ගැනීම උදෙසා ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන ලෙස කසකස්ථාන නියෝජිතයෝ ඉල්ලා සිටියහ.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාව සැමවිටම සිය සහයෝගය ලබා දීමට සූදානම් බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමේදී කසකස්ථානය සමඟ සහයෝගී එකඟතාවකට පැමිණීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ පවතින ආකර්ෂණය පිළිබඳව ද කසකස්ථාන නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර