ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (04) කැඳවනු ලැබීය.
මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධයක් නොදක්වන බවයි. විශේෂයෙන්ම අගරදගුරු හිමිපාණන් විසින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, පෙත්සමට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත්ව ඇති සියලුම අතරමැදි පෙත්සම්වල කරුණු සලකා බැලීමට අධිකරණය සූදානම් බවයි. නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් විනාඩි දහයකට සීමා කරන ලෙසද එහිදී උපදෙස් ලබා දෙන ලදී.
මේ වන විට සුරේෂ් සලේ මහතාගේ පෙත්සමට සහාය පළ කරමින් පාර්ශව 08ක් ද, ඊට එරෙහිව අගරදගුරු හිමිපාණන් ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත. අදාළ පෙත්සම් සලකා බැලීම අනිද්දා (06) දින දක්වා කල් තැබිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර