ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය ගෝලීය තරගකාරිත්වය හමුවේ ඉදිරියට ගෙන යාමට නම් නවීන තාක්ෂණය සහ නවෝත්පාදනයන් අනිවාර්ය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ආරම්භ වූ ‘Intex – InMac Sri Lanka 2026’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 15කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයන් සහභාගී වී සිටිති.
මෙම ප්‍රදර්ශනය ආයෝජන අවස්ථා උදා කර ගැනීමට මෙන්ම නව දැනුම හා තාක්ෂණික හුවමාරුව සඳහා කදිම වේදිකාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එරාවුර් රෙදිපිළි උද්‍යානය සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා ක්ෂේත්රයට අවශ්‍ය මානව සම්පත වැඩිදියුණු කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඔහු පැවසීය.
ඉන්දියාවේ පැවති ‘Bharat Tex’ ප්‍රදර්ශනයේදී ඉන්දීය බලධාරීන් සමඟ පැවති සාකච්ඡා පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය. එහිදී නිදහස් වෙළෙඳ ගිවිසුම්, ඇඟලුම් කෝටා සහ GSP+ සහන සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති යසස් හේවගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අගෝස්තු 07 වනදා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර