විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකිකයින් සඳහා නව අවස්ථා රැසක් උදා කරමින් කොරියාව, ජපානය සහ අබුඩාබි යන රටවල් සමඟ නව ගිවිසුම් අත්සන් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ වන විටත් කොරියාවේ යොන්වාල් ගන් ප්‍රාන්තය සමඟ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, අබුඩාබි රාජ්‍යය සමඟ ද කෘෂිකර්මය සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී ඇත. මීට අමතරව, ජපානයේ ආයතන කිහිපයක් සමඟ එක්ව SSW කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් සහ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් යැවීමට අදාළ කටයුතු ආරම්භ කර තිබේ.
රට තුළ පවතින හෙද පුරප්පාඩු පිළිබඳව අවධානය යොමු කරමින්ම, පෞද්ගලික පාඨමාලා හරහා සුදුසුකම් ලැබූ හෙදියන්ට ද විදේශ රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙටි කාලයක් තුළ පුහුණු ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර