අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ 2026 වසර සඳහා වන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අද (07) දිනෙන් අවසන් වන බවයි.
සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙම කාලසීමාව අද දිනයෙන් නිමාවට පත්වන අතර, මුස්ලිම් පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර සැප්තැම්බර් මස 02 වන දින අවසන් වීමට නියමිතය.
සියලුම පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 07 වන සඳුදා දින ආරම්භ වනු ඇත. එම වාරය දෙසැම්බර් මස 04 වන දිනෙන් අවසන් කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, 2026 වසරේ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර