ප්‍රවීණ කලාකරුවෙකු වූ מר ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මෙන්ම කලා ක්ෂේත්රයේ දැඩි ජනප්‍රියත්වයක් උසුලන මාධවී ඇන්තනී අද දින සිය උපන්දිනය සමරයි. මේ වෙනුවෙන් ඇයගේ ස්වාමිපුරුෂයා වන කසුන් විසින් අන්තර්ජාලය වෙත අපූරු හා සංවේදී සටහනක් එක්කර ඇති අතර එය මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනා තිබේ.
ඔවුන්ගේ මුණගැසීමේ සිට මේ දක්වා පැමිණි මාවත මෙන්ම ජීවිතයේ විවිධ අභියෝග හමුවේ එකිනෙකාට අත්වැල් බැඳගෙන ගමන් කළ අයුරු එම සුබපැතුම් සටහනින් සිහිපත් කර ඇත. සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වූ බාධක සහ අභියෝග මැද වුවද, ප්‍රේමය සහ කරුණාව මුල්කරගනිමින් ඉදිරියට පැමිණි බව ඔහු එහි සඳහන් කර ඇත.
විවාහයෙන් පසු තම පවුල් ජීවිතයට එක් වූ ආදරණීය පුතු පිළිබඳවත්, මාධවී දැක්වූ කැපවීම පිළිබඳවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ. ඇස් පියෙන රැයේදීත්, ඇස් හැරෙන හිමිදිරියේත් තම පපුතුරෙහි ලැඟුම් ගන්නා ප්‍රාණසම බිරිඳට ඔහු එහිදී උණුසුම් උපන්දින සුබපැතුම් එක් කර තිබේ.
කලා ලෝකයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද නිරන්තරයෙන් කතාබහට ලක්වන මෙම යුවළගේ සුන්දර ජීවිතයට රසිකයන්ගෙන්ද මේ වන විට සුබ පැතුම් එකතු වෙමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර