පොලිසිය විසින් රට පුරා දියත් කර ඇති විශේෂ මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනය තුළ පමණක් සැකකරුවන් 437 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම් සඳහා විශාල පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ අනුව පුද්ගලයින් 33,024 දෙනෙකු පොලිස් පරීක්ෂාවට භාජනය කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 135 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩි නීතිමය පියවර ගෙන ඇත. ඒ අනුව, බීමත් රිය පැදවීම සම්බන්ධයෙන් 65 දෙනෙකු සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවූ 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සෙසු රථවාහන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 4,189 දෙනෙකුට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් නිවේදනය කරයි. රටේ ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර