ඉන්දියාවේ දිල්ලි අගනුවරට පසුගිය සිකුරාදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 18 හැවිරිදි තරුණයෙකු අතුරුදන්වීමේ පුවතක් වාර්තා වේ. අන්කිට් නමැති මෙම තරුණයා රැකියාව නිමවා නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
සිද්ධිය වාර්තා වන්නේ සරිතා විහාර් පොලිස් බලප්‍රදේශයට අයත් ප්‍රියංකා කෑම්ප් ප්‍රදේශයෙනි. පවුලේ සාමාජිකයන් පවසන පරිදි, ඔහු පාලමක් අසල පිහිටි විවෘත කාණුවක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පාදය ලිස්සා ගොස් වේගයෙන් ගලා ගිය ජල පහරට හසුවී ඇත. අවට සිටි පිරිස් ඔහුට අනතුරු ඇඟවුවද, නිවසට ඉක්මනින් යාමේ අරමුණින් ඔහු එම උත්සාහය ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම පොලිස් නිලධාරීන් සහ කිමිදුම්කරුවන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළද, අඳුර සහ අධික ජල ප්‍රවාහය හේතුවෙන් එයට බාධා එල්ල විය. පසුදින උදෑසන ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) සහාය ඇතිව මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇතත්, තරුණයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම විවෘත කාණු පද්ධතියේ පවතින අනාරක්ෂිත බව පිළිබඳව බලධාරීන් දැනුවත් කර තිබුණද, ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවයි. මේ අතර, දිල්ලි නුවර පුරා ඇදහැළුණු වර්ෂාව නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් මාර්ග තදබදයක් සහ දැඩි අපහසුතා මතු වී තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර