ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රියාත්මක වන නවතම කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ජනතාව දැඩි ලෙස දැනුවත් කර තිබේ. මෙම වංචනික ක්‍රියාවලිය මගින් පුද්ගලයන් රවටා ඔවුන්ගේ පෞද්ගලික නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන, ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් කප්පම් ගැනීම සිදු කෙරේ.
මූලික විමර්ශනවලට අනුව, මෙම ජාවාරම පිටුපස ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බව හෙළි වී ඇත. වංචාකරුවන් මුලින්ම ඉන්ස්ටග්‍රෑම් වැනි මාධ්‍ය ඔස්සේ ඉලක්කගත පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ගේ මිතුරු ලැයිස්තුවේ සිටින ඥාතීන් සහ හිතමිතුරන් සමඟ පවා මිත්‍රත්වයක් ගොඩනඟා ගනිමින් විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරයි.
මෙම ජාවාරමේදී වංචාකරුවන් ආකර්ෂණීය ඡායාරූප සහිත ව්‍යාජ ගිණුම් භාවිතා කරමින් වින්දිතයන් සමඟ පෞද්ගලික සංවාද ආරම්භ කරයි. පසුව ඔවුන් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් හරහා වින්දිතයන් නුසුදුසු ආකාරයෙන් කැමරාව ඉදිරියේ පෙනී සිටීමට පොළඹවා ගනී. එම අවස්ථා රහසිගතව පටිගත කරගන්නා වංචාකරුවන්, එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටින බව වාර්තා වේ.
සමහර අවස්ථාවලදී වින්දිතයන් වීඩියෝ ඇමතුම්වලදී නිරුවත් නොවූවද, ඔවුන් සමඟ සිදුකරන ලද පෞද්ගලික සංවාද සහ පණිවුඩ පදනම් කරගෙනද මෙම පිරිස් තර්ජනය කර මුදල් ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවැනි සැකකටයුතු පණිවුඩ හෝ පුද්ගලයන් පිළිබඳව අතිශයින්ම විමසිලිමත් වන ලෙසත්, සමාජ මාධ්‍ය භාවිතයේදී පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර