තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින පානීය ජල හිඟයට විසඳුමක් ලෙස නව ප්‍රතිආශ්‍රිත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කර පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 1300කට අයත් පුද්ගලයන් 4000කට ආසන්න පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව උදා වේ.
නව යුද හමුදාපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, හමුදාපති ධුරයට පත්වීමෙන් පසු එතුමන් සහභාගි වූ පළමු සමාජ සත්කාරක වැඩසටහන මෙය වීම විශේෂත්වයකි.
අමෙරිකාවේ පදිංචි වෛද්‍ය සංජීවනී ගුණසිංහ මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් රුපියල් ලක්ෂ 26ක මූල්‍ය දායකත්වයක් මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇත. වත්මන් යුද හමුදාපතිවරයා මීට පෙර මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ සමයේදී පැවති පුද්ගලික සබඳතා මත මෙම අරමුදල් ලබා ගැනීමට හැකි විය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඉල්ලීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර