රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ සදාචාරයට දැඩි තර්ජනයක්ව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙම උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග සහ සමාජීය වෙනසක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය පාලනයට අදාළ නීති සංශෝධන කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අධිකරණ කටයුතු ප්‍රමාද කරන රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ක්‍රියාවලිය මේ වන විටත් වේගවත් කර ඇත. පසුගිය ජූලි මාසයේදී පමණක් වාර්තා 6,414ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර තුළ පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෑතකදී සිදු වූ බන්ධනාගාර නොසන්සුන්තාවන් හේතුවෙන් රුපියල් මිලියන 255කට අධික දේපළ හානියක් සිදුව ඇති බව අනාවරණය විය. සිරකරුවන්ගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක ‘මිතුරු පාසල්’ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි. විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වල සිසුන් අතරද මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබඳව දෙමාපියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ බහුපාර්ශ්වීය ජාතික උපායමාර්ගික සැලැස්ම යටතේ අනුගමනය කළ යුතු පියවරයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර