අද (අගෝස්තු 12) දිනට ලෝක අලි දිනය යෙදී තිබේ. ලොව පුරා වෙසෙන ආසියානු සහ අප්‍රිකානු අලි ඇතුන්ගේ සංරක්ෂණය, ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සහ මිනිස්-අලි ගැටුම් අවම කිරීමේ අරමුණින් 2012 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි.
දැනට පවතින දත්තවලට අනුව ලොව පුරා ආසියානු අලි ඇතුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ශ්‍රී ලංකාවේ එම ගහනය 7,500ක් පමණ වේ. කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා අලි ඇතුන්ගේ වාසභූමි අහිමි වීම සහ මාර්ග අනතුරු හේතුවෙන් ඔවුන්ගේ පැවැත්මට බරපතළ තර්ජන එල්ල වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් මේ වන විට විශේෂ වැඩසටහන් රැසක් දියත් කර ඇත. ඒ යටතේ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රධාන අලිමංකඩ තුනක් නිල වශයෙන් ගැසට් කර විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම, අලි ඇතුන් ගම්වැදීම් වැළැක්වීම සඳහා ජලාශ ආශ්‍රිතව තෘණ භූමි නිර්මාණය කිරීම සහ ආරක්ෂිත වනාන්තරවල ආහාර හා ජල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. දුම්රිය මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීමට කැමරා පද්ධති සවි කිරීම සහ අලි ඇතුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ජංගම රෝහල් සේවාවක් හඳුන්වා දීමටද සැලසුම් කර තිබේ.
වනජීවී සංරක්ෂණය යනු හුදෙක් සතුන් රැකගැනීමක් පමණක් නොව, රටේ ජෛව විවිධත්වය, සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමක් බව පාරිසරික අමාත්‍යාංශය අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර