ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ හෝටල් ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අය කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, රැකියා අපේක්ෂිතයින් කාර්යාංශය තුළටම කැඳවා ඔවුන්ව රවටා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සේවය අත්හිටවූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටී. ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර හතක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකා කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ජාවාරම මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින කාන්තාවකගේ මෙහෙයවීම මත සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇත. සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කාර්යාංශයේ නිල කවුළු හෝ අදාළ අංශවල නිලධාරීන් හරහා පමණක් සේවාවන් ලබාගන්නා ලෙසයි. ආයතනය තුළ හෝ පිටත සිටින නාඳුනන පුද්ගලයින් සමඟ කිසිදු මූල්‍ය ගනුදෙනුවක් සිදු නොකරන ලෙස කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර