ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මුර්ෂිදාබාද් දිස්ත්‍රික්කයේ බෙල්ඩංගා ප්‍රදේශයෙන් වාර්තා වන මෙම පුවත මේ වන විට ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ. ඉක්බාල් නම් 16 හැවිරිදි තරුණයෙකු පසුගිය මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිය දිවා රෑ දෙකම ගත කරන්නේ පොකුණු ආශ්‍රිතවය.
තමන් ජලයෙන් පිටතට පැමිණි විගස මුළු සිරුරම දැවෙන ආකාරයේ වේදනාවක් දැනෙන බවත්, කිසියම් අද්භූත බලවේගයක් තමන්ව ආක්‍රමණය කරන බවක් හැඟෙන බවත් ඔහු පවසයි. මෙම අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු නිරන්තරයෙන් පොකුණුවල පාවෙමින් සිටින අතර, ඇතැම් අවස්ථාවල එක් ජල මූලාශ්‍රයකින් තවත් ස්ථානයකට මාරු වීමටද පෙළඹී ඇත.
දිගු වේලාවක් ජලයේ රැඳී සිටීම නිසා ඔහුගේ අත් සහ පාදවල සම සුදු පැහැයට හැරී ඇති අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණද මතුව තිබේ. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙලෙස ජලයේම රැඳී සිටීමෙන් දරුණු චර්ම රෝග සහ දිලීර ආසාදන ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවයි.
තරුණයාගේ දෙමාපියන් පවසන්නේ මීට පෙර ඔහුව රෝහල් ගත කළද සුවයක් නොලැබුණු බවයි. දිගුකාලීන ප්‍රතිකාර සඳහා වැය වන මුදල් දැරීමට තමන්ට වත්කමක් නොමැති බැවින්, බලධාරීන් මැදිහත් වී තම පුත්‍රයාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ප්‍රදේශවාසීන් ඔහුට අවශ්‍ය ආහාර පාන පොකුණ අසලටම ගෙනවිත් දෙන අතර, ඔහු එම ආහාරද ජලයේ සිටම ලබා ගන්නා බව වාර්තා වේ. වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම තරුණයාගේ සිරුරේ ඇතිවන දැවෙන සංවේදනය සහ මානසික තත්ත්වය පිළිබඳව කඩිනම් වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර