ඉන්දීය සිනමාවේ අමරණීය රංගන ශිල්පිනියක වූ දිවංගත ශ්‍රීදේවිගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් ප්‍රවීණ නිළි ප්‍රියංකා චොප්රා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සංවේදී අදහස් පළ කර තිබේ.
ඇය විසින් ශ්‍රීදේවිගේ ජීවිත කතාව ඇතුළත් ‘Empress: The Definitive Biography of Sridevi’ කෘතියේ මුල් කවරය සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් මෙම සටහන තබා ඇත. එහිදී ප්‍රියංකා පවසා ඇත්තේ ශ්‍රීදේවි තමන්ට බෙහෙවින් මග හැරෙන බවත්, ඇයට සුබ ස්වර්ගීය උපන්දිනයක් ප්‍රාර්ථනා කරන බවත්ය.
ධිරාජ් යූ කුමාර් විසින් රචනා කර ඇති මෙම කෘතිය, ශ්‍රීදේවිගේ පෞද්ගලික ජීවිතය සහ ඇය ඉන්දීය සිනමාව තුළ ගොඩනගාගත් සුවිශේෂී කීර්තිනාමය පිළිබඳව විස්තරාත්මකව විග්රහ කරයි. වෙස්ට්ලන්ඩ් බුක්ස් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත මෙම පොතේ කවරය වඩාත් අලංකාර කරමින් අමිතාබ් බච්චන්ගේ විශේෂ සටහනක්ද ඇතුළත් කර තිබේ.
එම සටහනේදී අමිතාබ් බච්චන් ශ්‍රීදේවිට උපහාර දක්වමින් ඇයව ‘අසීමිත දක්ෂතාවයේ සාරාංශය’ ලෙස හඳුන්වා දී ඇත. 2018 වසරේදී අභාවප්‍රාප්ත වූ ශ්‍රීදේවි, දශක ගණනාවක් පුරා සිනමා රසිකයන්ගේ හදවත් දිනාගත් අසමසම රංගන ශිල්පිනියක් ලෙස අදටත් ගෞරවයට පාත්‍ර වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර